පාලු මකන බේත් 'හිත හීන අරන්'

Nov 12, 2023 - 08:51
 0  84
පාලු මකන බේත්  'හිත හීන අරන්'

කසුන් කල්හාර කියන්නෙ තවත් එක ගායකයෙක් විතරක් ම නෙවෙයි. කසුන් කියන්නෙ යුගයක්! එයාට ම ආවේණික නාද විශ්වයක සැරිසරන මැවුම්කාරයෙක් වගේ කෙනෙක්. කසුන් එයාගෙ ගීත කිහිපයක් ම කුෂාණි සඳරේඛා එක්ක කරල තියෙනව. ඒ අතරින් මෑත කාලීනව මාව ගොඩක් ම ආශක්ත කරපු සිංදුව " හිත හීන අරන් " කියන ගීතය. 

ආට් උණට ලෙක්ච කට් කරගෙන ෆුල්ටයිම් ඇඩ් ලියන්න එකතු වුණ කාලෙ මිස් වෙච්ච ජීවිතේ ගැන කාන්සියෙන් වෙළිල ඉද්දි තමයි මට කස්සගෙ මේ සිංදුව අහන්න ලැබෙන්නෙ. ඒජන්සියෙ ඉන්න අමුතු අමුතු පොරවල් අතරින් කවුරුහරි දවසක් මේක ප්ලේ කළා මට මතකයි. ආසම විෂයක නියැලෙන නිසා තියෙන ආතල් එකත්,  ඒකට සමාන්තරව කවදාවත් ෆුල්ටයිම් ජොබ් එකක් කරල නොතිබ්බ නිසා ඇති වුණු  නුහුරත්, මිස් වෙන කැම්පස් ජීවිතෙත් නිසා අමුතු හැඟීම් ගොන්නක පැටලිලා ඉඳපු නිසා මේක නැවත නැවත අහන්න මම පෙළඹුණා වෙන්න පුළුවන්.

දැලිව ඉන්ද්‍රරතන හාමුදුරුවො වචන ලියපු මේ සිංදුවෙන් කියවෙන්නෙ කුමක් හෝ හේතුවකට රටවල් දෙකක ජීවිතේ ගෙවන්න සිදු වුණු පෙම්වතුන් දෙදෙනෙක් ගැන. දෙන්නගෙ හිත්වල කැකෑරෙන හැඟීම් ටික දිගහැරලා පෙන්නන්න රූපක පිරිච්ච භාෂාවක් භාවිතා කරලා තියෙන නිසා ව්‍යංග්‍යාර්ථයෙන් ඉහළ පද රචනයක් කරන්න දැලිව හාමුදුරුවො උත්සුක වෙලා තියෙනව. සුවිශේෂී ම කාරණාව තමයි සාහිත්‍ය අස්සෙ පට්ට ගහන වචනයක් වෙච්ච 'සඳ' කියන වචනය මේ සිංදුවෙත් භාවිතා වීම. හැබැයි මේකෙ කේන්ද්‍රය වෙන්නෙත් ඒ වචනය වීම.

මහගම සේකර තමන්ගෙ එක කවියක දැක්වුව වගේ ම එකිනෙකාට දුරින් ඉන්න පෙම්වතුන් දෙන්නෙක් තමන්ගෙ සිතිවිලිමය ඒකාත්මික වීම සමාන කරන්නෙ දෙන්නට තම තමන් වෙසෙන තැන එලෙසින් ඉඳන්ම එකට බලන්න, දකින්න හැකියාව තියෙන සඳට. හවස ඉඳන් උදෑසන වෙනකල් හඳ ගමන් කරනව වගේ මනා ගලායාමක් එක්කම මේ ගීතයත් ගළා යනව කියල අවධානෙන් අහන කෙනෙක්ට දැනෙන ඉඩකඩ වැඩියි.

"අපි හීන පුරමු සඳකට 
එක තැනකදි දකින"

ගීයෙ අවසාන පේළි දෙකෙන් කියන කතාව යට කී හැමදේට ම වඩා ලස්සනයි. අපි හමුවෙමු, කියලා අමුවෙන් කියනවට වඩා එක තැනක ඉඳන් දකින හඳක් වෙනුවෙන් හීන දකිමු කියද්දි ඒක වෙනම ලෙවල් එකක්! ඒ තමයි ව්‍යංග්‍යාර්ථය සම්බන්ධව දැලිව හාමුදුරුවන්ගෙ තියෙන දක්ෂතාවය. 

යූටියුබ් එකේ සිංදුව සර්ච් කලොත් ලක්ෂ එකහමාරක් වගේ නැරඹුම් වාර ගණනක් සහෘදයො මේක අහල තියෙනව. ඒත් එක දෙයක් බුදු ශුවර්! සිංදුව අහුවෙච්ච උං ඇත්තෙ ඊට වඩා ගොඩක් අඩු පිරිසක්! මොකද එක පාරක් ඒක අහපු කෙනෙක් ආයෙ ඒක අහන්න නොපෙළඹෙනව කියල හිතන්න අමාරුයි. කැමති අයට පහළ ලිංක් එකෙන් සිංදුව අහන්න පුලුවන්. ජය!

https://youtu.be/cIMC6irr-gc?si=MdlvRaz8fjef-bXC

- කවිඳු බිම්සර පාඬිකෝරාල
( Kavindu Bimsara Pandikorala )

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow

kavindu Kavindu Bimsara Pandikorala is a law student, at the faculty of law, university of colombo. He studied at Richmond college, Galle. He is a poet, lyricist, writer and a author. His first poetry collection is 'adare kiyanne hema dawasakma' (In love diurnally).