ෂොට් එක තබා සූස්තියක් දැල් වූ බන්දු

Nov 6, 2023 - 14:04
 0  152
ෂොට් එක තබා සූස්තියක් දැල් වූ බන්දු

ෂොට් එක තබා සූස්තියක් දැල් වූ බන්දු!

රුවන් බන්දුජීව කියන්නෙ සමකාලීන කවියේ දිශානතියට වැඩි බලපෑමක් කරපු සහ කරන කවියෙක්. මීළඟ මීවිතෙන් සුවහසක් කවි කියවන සමාජයෙ ආදරයට සෙනෙහසට පාත්‍ර වුණාට රුවන් අයියගෙ පළවෙනි පොත මීවිත නෙවෙයි. ඒකෙ නම "ඇල්කොහොල් නොමැති සඳ." සරසවියෙ ඉන්න කාලෙ ලියවුණු සරසවි කුරුටු ගී සහිත ඒ කවි පොතේ පිටපත් ටික එයා මුළු කැම්පස් එකටම බෙදල තියෙනව. 

2013 වර්ෂයෙන් පස්සෙ දිග කාලයක් යනකල් පොතක් ආවෙ නැති එක ගැන එක එක තැන් වල එක එක විදිහෙ කතා කියවන්න අහන්න දකින්න ලැබුණා. ඒ අතරෙ සමහරු අදහස් දක්වල තිබ්බෙ "පොතක් කරන්න කාලෙ හරි" කියල. සමහරුන්ගෙ මතය වුණේ "දැන්ම එපා හෙමීට ලියන්න" වගේ දේවල්. කෙසේ හෝ වේවා ඒක කවියාගෙ අයිතියනෙ. 

පෞද්ගලිකව මේ පුංචි මනස කිව්ව විදිහට මම නම් බලාපොරොත්තු වුණේ ඇල්කොහොල් නැති කාලෙත් පසු කරල ඊළඟට අතට ගත්තු මීවිතටත් වගකියල හොඳටම වෙරි වෙලා සමාජෙත් වෙරි කරපු බන්දු "දැන් නම් වෙරි" වගේ පොතක් එලියට දායි කියලා.

 නමුත් දශකයකට පස්සෙ අරක්කු ශොට් එක පැත්තකින් තියපු බන්දුජීව එයාට වෙරි වෙන්න කලියෙන් ජොයින්ට් එකක් පත්තු කරගෙන තියෙනව. ඒක ඇවිලුනේ 2023 සැප්තැම්බරයේ. නම "ධූමලාවණ්‍යාගාරය." ප්‍රකාශනයෙ නම "ඔඩම ප්‍රකාශන." එයාටම ගැළපෙන ප්‍රකාශන ආයතනයක්!

කවි ගැන කතා කරන්න බලාපොරොත්තු නොවුණත් කතා කළ යුතු වැදගත් කාරණයක් තියෙනව. ඒ තමයි යට කී කාරණා ටික සීරුවට පෙළගස්වද්දි බන්දුගෙ මාර්ගයෙ මැප් එක ගැන දළ අදහසක් ගන්න කෙනෙක්ට පුලුවන් වීම. හරියට නිකං රුබයියාට් ලියපු ඔමාර් ඛයියාම්ගෙ සීන් එක රුවන් අයිය ආපු පාර බැලුවම පේනව. ඒ හරහා එයා මොනවද කියන්නත් හදනව වගේ!!! ආකෘතිකමය වශයෙන් යම් යම් වෙනස්කම් කරන්නත් මේ අලුත් සූස්තිය හරහා කවියා උත්සාහ කරපු බව පේනව.

 මේ කාරණා එක්කලා සමාජය කොයි විදිහට මේ අලුත් පොත භාරගනීද (අරක්කුවල මත යට කරගෙන සූස්ති මත උඩ එන්නෙ කොහොමද කියලා) බලන්න ආසාවෙන් අපිත් බලා ඉන්නව. ඒ වගේම අවසාන වශයෙන් හැමදෙනාටම බන්දුජීවගේ "ධූමලාවණ්‍යාගාරය" කියවන්න කියලත් ආරාධනා කරන්න කැමතියි. 

- කවිඳු බිම්සර පාඬිකෝරාල
(Kavindu Bimsara Pandikorala)

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow

jayampathi My name is Jayampathi Bandara. I'm Owner of Zone.lk. I'm a Professional Digital Marketer. I love Music, Movies, Travelling and Fitness.